අත් සේදීමට මතක් කරවීම වෙනුවෙන් Galaxy Watch එකට Hand Wash නමින් අලුත් app එකක් හඳුන්වා දෙයි

මීට පෙර අත් සේදීම අපිට සාමාන්‍ය දෙයක් වෙලා තිබුනත් COVID-19 වෛරසයේ බලපෑමත් සමග අපි හැමෝම අත් සේදීමට මෙන්ම හොඳ සොඛ්‍යය පුරු‍දු අනුගමනය කිරීමට වෙනදාට වඩා උනන්දු වෙනවා.

මේ තත්වය මත Samsung සමාගමේ developer වරුන් පිරිසක් සහ Samsung Research Institute-Bangalore (SRI-B) UX and wearable කණ්ඩායම මෙම app එක නිර්මාණය කිරීමට දායක වී ඇත.

තත්ත්පර 20ක කාලයක් අත් සේදීම සිදු කළ යුතු බවට reminder එකක් ලබාදීම මෙහි ප්‍රධාන කාර්යය වන අතර, අදාල තත්ත්පර 25ක් අවසාන වන විට ඒ පිළිබඳව පරිශීලකයාව දැනුවත් කිරීමට ද මේ app එක සමත් වෙනවා.

අදාල තත්ත්පර 20ක කාලයට සබන් ගෑම සඳහා තවත් තත්ත්පර 5ක කාලයක් එකත් කර අදාල notification එක තත්ත්පර 25කින් පෙන්වීමට මෙය කටයුතු කරනු ලබනවා.

මෙලෙස reminders පෙන්විය යුතු කාළ සීමාව app එක හරහා set කළ හැකි අතර මීට පෙර අවසානයට අත් සේදූ මොහොතේ සිට මේ දක්වා ගත වුණු කාලය ද මේ හරහා දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම 'Hand Wash' app එක මේ වන විට galaxy store එක තුලින් ඔබේ galaxy watch එකට download කරගත හැකි බව Samsung සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter

 --- Our groups ---
Facebook - https://bit.ly/3aDe5vJ
Viber - https://bit.ly/2VAYF6P
Whatsapp - https://bit.ly/35aoqht
Telegram - https://bit.ly/2xLZkJH
Imo - https://bit.ly/2yHz17o

 --- Join our Telegram Channel ---
http://t.me/sdofficialsl

 --- SD Official Global Channel ---
http://youtube.com/sdofficialglobal