Walt Disney සමාගමේ Disney+ Video Streaming සේවාව Subscribers මිලියන 50 ඉක්මවයි

සුප්‍රකට වොල්ට් ඩිස්නි සමාගම විසින් පසුගිය නොවැම්බර 19 වනදා ආරම්භ කරන ලද Desney+ Video Streaming සේවාව මාස 6ක් වැනි සුළු කාලයක් ඇතුලත Paid Subscriber වරුන් ගණන මිලියන 50 ඉක්මවීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා.

මෙම සේවාව මේ වන විට ඉන්දියාවද ඇතුළුව රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති අතර ඉන්දියාවේ දේශීය Streaming සේවා සපයන සමාගමක් වන Hotstar සමඟ එක්ව Disney+ ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ පමණක් Subscriber වරුන් මිලියන 8 දක්වා වර්ධනය කරගැනීමට මොවුන් සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් Subscribers ලා ගණන වැඩි වුවත් ඉන්දියාවෙන් ලැබෙන ආදායම අඩු එකක් වන අතර ඊට හෙතුව වන්නේ ඉන්දියාව තුළ මෙම සේවාව සඳහා වන වාර්ෂික අයකිරීම 20$ ක් වැනි අගයක් වීමයි.

යුරෝපයේදී මෙය 65$ ක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේදී නම් එම මුදල 70$ තරම් වෙනවා.

Disney+ වෙත මේ වනවිට Disney, Pixar, Marvel, Star ways franchise එක සහ National Geographic ආදී සමාගම් වලින් චිත්‍රපට සහ වැඩසටහන් ලබාගන්නා අතර ඇතැම් සීමා තිබුණද The Simpson නම් ඇමරිකානු Animated කතාමාලාවේ Season 30 කට වඩා මෙයට අන්තර්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට Diney සමාගමේ අනෙක් video streaming සේවාව වන Hulu සේවාවේ subscriber වරුන් ගණන මිලියන 30ක් වන අතර Netflix වල සම්පූර්ණ subscriber වරුන් ගණන මිලියන 167ක් ලෙස සටහන් වෙනවා.

Source: technews




මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter