Firefox පරදමින් අලුත් Edge Browser එක ජනප්‍රියතම Web Browser අතරින් දෙවැනි ස්ථානයට පැමිණෙයි

Microsoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Edge browser එක වෙනු‍වට Chromium project එක මත පදනම් වුණු අලුත් Edge Browser එකක් හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

පසුගිය ජනවාරි මාසයේදී Windows 10 පරිශීලකයන් හට නිකුත් කළ මේ අලුත් Microsoft Edge Browser එක ගත වුණු මාස 3ක පමණ කාලය අතරතුර ලොව ජනප්‍රියතම Desktop Web Browsers අතරින් දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

මීට පෙර මෙහි පළමුවැනි ස්ථානය Chrome Browser එකත්, දෙවැනි ස්ථානය Firefox Browser එකත් හිමි කරගෙන සිටි අතර මේ වන විට Firefox Browser එක තෙවැනි ස්ථානයට පත් කරමින් දෙවැනි ස්ථානයට අලුත් Edge Browser එකට හැකියාව ලැබී තිබෙනවා.



කොහොම වුණත් මෙහි 68.5% market share එකක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ තවදුරටත් Chrome browser එක රැඳී සිටින අතර අනෙකුත් සියළුම web browser වල ප්‍රතිශත එකතු කිරීමෙන් වත් එය පැරදවිය නොහැකි තත්ත්වයට Chrome browser එක පත්ව තිබෙනවා.

Edge Browser එක Windows සහ Mac යන මෙහෙයුම් පද්ධති ද්විත්වයටම එක වර ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වන අතර මේ අලුත් Browser එක Chromium මත පදනම්ව ඇති නිසා, සියළුම ජනප්‍රිය Chrome Extenstions මේ මත භාවිතා කිරීමේ හැකියාව ලැබීමත්, Windows වල default browser එක ලෙස මෙය ස්ථාපනය කර තිබීමත් මේ පිබිදීමට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දිය හැකි වෙනවා.

Source: technews



මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter