Quite Mode නම් නව පහසුකමක් Facebook වෙත එක් කිරීමට Facebook සමාගම සූදානම් වෙයි

සමාජ මාධ්‍ය විසින් තම සමීපතමයන් පවා දුරස් කරවන බව මේ වන විට අපි සියළු දෙනාම දන්නා කාරණයක්.

විශේෂයෙන් මේ දිනවල Covid 19 වෛරසයේ බලපෑම නිසා බොහෝ දෙනා නිවෙසට වී කාලය ගත කරන බැවින් සමාජ මාධ්‍ය භාවිතය සහ අන්තර්ජාල භාවිතයද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා සමාජ මාධ්‍ය වෙත ඇබ්බැහි වීම යම් පමණකට පාලනය කිරීමේ අරමුණෙන් Facebook සමාගම සිය App එකට අලුත් option එකක් හඳුන්වා දීමට සූදානම් වනවා.

Quite Mode ලෙස නම් කර ඇති මේ අලුත් option එක හරහා ඔබ විසින් ලබා දෙන යම් කාලසීමාවක් දක්වා Notification ලැබීම සම්පූර්ණයෙන්ම අවහිර කෙරෙනවා.

Quite Mode එක on කර ඇති අවස්ථාවේදී ඔබ විසින් Facebook වෙත log වීමට උත්සාහ කලහොත් තිරය මත Quite Mode එක තව කොපමණ වේලාවක් ක්‍රියාත්මක දැයි පෙන්වන අතර Quite Mode එක off කිරීමට අදාල Setting වලට පිවිසීමට Shortcut එකක්ද පෙන්වනු ලබනවා.

මේ Quite Mode වෙත පිවිසීමට Facebook Setting මෙනුවෙහි ඇති Your Time යන option එක Click කල යුතු අතර එහි දක්වා ඇති Manage Your Time වෙත පිවිසීමෙන් Quite Mode On හෝ Off කරගැනීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් iOS පරිශීලකයන් වෙත දැනටම මෙම option එක ලබාදී ඇති නමුත් Android පරිශීලකයන් හට අදාල update එක තවමත් ලබාදීමට කටයුතු කර නොමැති බව පෙනෙන්නට තිබෙනවා.

කොහොම වුණත් ලොව පුරා සිටින Android පරිශීලකයන්ට මෙම වසරේ මැයි මාසය පමණ වන විට මෙම option එක ඇතුළත් update එක ලබා දීමට නියමිතයි.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter