Hangouts Chat, Google Chat ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි

2020 වර්ෂයේදී ප්‍රධාන Hangouts සේවාව නතර කර දමමින්, Hangouts Meet සහ Hangout Chats වෙත තම පරිශීලකයින් යොමු කරවීමට Google සමාගම තීරණය කළ බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

පසුගිය අප්‍රේල් 8 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් Google සමාගම ඔවුන්ගේ Hangouts Meet සේවාව Google Meet ලෙස re-brand කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ විට ඔවුන්ගේ Hangouts Chat සේවාවත්, Google Chat ලෙස වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට මීට අදාල G-Suite support page එක ද මේ අලුත් නම් වලින් update කර ඇති බවත්, Google Messages app එකේ ඇති Chats සේවාව මෙයට සම්බන්ධයක් නොමැති බවත් The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ වසරේ ජුනි මාසය වන විට Hangout Classic වලින් ක්‍රමයෙන් තම පරිශීලකයන්ව Google Chat වලට යොමු කිරීමට Google සමාගම සැළසුම් කර තිබෙනවා.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter