OnePlus 8 ජංගම දුරකථනය අප්‍රේල් මස 14 වැනි දින online launching event එකක් හරහා එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගමේ මීළඟ ජංගම දුරකථනය වන OnePlus 8 ජංගම දුරකථනය මීළඟ අප්‍රේල් 14 වැනි දින online launching event එකක් හරහා එළිදැක්වීමට කටයුතු කරනු ලබන බව අද දින OnePlus සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහිදී 5G devices ගණනාවක් එළිදැක්වීමට OnePlus සමාගම සූදානමින් සිටින බව ප්‍රකාශ කර ඇති අතර OnePlus 8, OnePlus 8 Pro මෙන්ම OnePlus Z නම් වූ මිලෙන් අඩු තවත් ජංගම දුරකථනයක් එළිදක්වනු ඇති බවට ඉඟි පළ වී තිබෙනවා.

මේ OnePlus 8 ජංගම දුරකථනය පිළිබඳව මේ වන විටත් ‍බොහෝ තොරතුරු අන්තර්ජාලයට එකතු වී ඇති අතර IP68 dust and water resistance rating එක සමඟින් OnePlus ඉතිහාසයේ IP rating එකක් සහිත පළමු OnePlus ජංගම දුරකථනය ලෙස මේ OnePlus 8 ජංගම දුරකථනය ඉතිහාස ගත වෙනවා.

මේ event එක ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හා නිළ YouTube channel එක හරහා සජීවීව නැරඹීමේ හැකියාව තිබෙනවා.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter