COVID-19 වැළඳී ඇත්දැයි දැනගැනීම ‍සඳහා Apple සමාගම විසින් වෙබ් අඩවියක් සහ app එකක් නිකුත් කිරීමට කටයුතු කරයි

Corona වසංගතය පිළිබඳව අසත්‍යය තොරතුරු පැතිර යාම අවම කරමින් නිරවද්‍යය තොරතුරු දැනගැනීම සඳහා Facebook සමාගම සහ Google සමාගම තම තමන්ගේ සේවාවන් එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම Microsoft සමාගම විසින් Coronavirus Self-Checker නම් වූ chat bot එකක් ද හඳුන්වාදීමට කටයුතු කර තිබුණු අතර මේ වන විට මීට සමාන screening tool එකක් නිකුත් කිරීමට Apple සමාගම ද කටයුතු කර තිබෙනවා.

මේ හරහා පරිශීලකයාගෙන් ප්‍රශ්න කිහිපයක් හරහා තොරතුරු ලබාගන්නා අතර එම තොරතුරු මත පදනම් ව මීළඟට සිදු කළ යුතු දේ පිළිබඳව දැනුවත් කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

මීට අමතරව Apple Siri භාවිතා කරමින් “How do I know if I have coronavirus?” ලෙස විමසනු ලැබුවහොත් මේ පහසුකම භාවිතා කිරීමේ හැකියාව ඇති නමුත් මෙය දැනට ඇමෙරිකානුවන් හට පමණක් ලබාදී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ tool එක භාවිතා කිරීම සඳහා sign-in වීමේ අවශ්‍යයතාවයක් නොමැති අතර මෙයට ඇතුලත් කරනු ලබන තොරතුරු කිසිවක් Apple සමාගම විසින් හෝ වෙනත් ආයතනයක් විසින් එකතු නොකරන බවත් Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter