Group video සහ audio call සඳහා සම්බන්ධ වියහැකි පුද්ගලයින් ගණන වැඩි කිරීමට WhatsApp සමාගම සූදානම් වෙයි

COVID-19 වසංගතය තාක්ෂණික ලෝකයට හා සාමාන්‍ය ජනජීවිතයට කර ඇති බලපෑම ගැන අප ඔබව කිහිප වරක්ම දැනුවත් කර තිබෙනවා. සමාජ දුරස්ථභාවය ටිකෙන් ටික වැඩිවන විට පෙර නොවූ ආකාරයෙන් අන්තර්ජාලය හා වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ පුද්ගලයන් සමීප වීම සිදු වෙනවා.

Video හා Audio ඇමතුම් සඳහා Whatsapp භාවිත කරන්නන් හට දැනට එක ඇමතුමක් හා සම්බන්ධ විය හැකි හැක්කේ උපරිම Contacts 4 කට, එනම් පුද්ගලයින් 4 දෙනෙකුට පමණයි.

පවතින වාතාවරණය නිසාවෙන් මෙම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමේ පසුබිමක් තුළ WhatsApp සමාගම සූදානම් වන්නේ එලෙස ඇමතුමකට සම්බන්ධ විය හැකි උපරිම ගණන වැඩි කිරීමටයි.

Google Duo App එක මේ වන විටත් මෙම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා ඇති අතර ඒ අනුව දැන් Duo Video ඇමතුමක් වෙත පුද්ගලයින් 12 කට පමන එක වර සම්බන්ධ විය හැකියි.

කෙසේ වෙතත් WhatsApp සමාගම කුමන ප්‍රමාණයක් දක්වා මෙම සංඛ්‍යාව වැඩි කරනවාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර බොහෝ දුරට එම අගය 6 ක් හෝ 8 ක් වනු ඇති බව අනුමාන කෙරෙනවා.

එමෙන්ම සිය මීලඟ update එක සමඟින් මෙම feature එක සියලුම iOS හා Android පරිශීලකයන් හට ලබා දීමට WhatsApp සමාගම බලාපොරොත්තු වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Source: technews






Our Socials
Facebook
Twitter

 --- Our groups ---
Facebook - https://bit.ly/3aDe5vJ
Viber - https://bit.ly/2VAYF6P
Whatsapp - https://bit.ly/35aoqht
Telegram - https://bit.ly/2xLZkJH
Imo - https://bit.ly/2yHz17o

 --- Join our Telegram Channel ---
http://t.me/sdofficialsl

 --- SD Official Global Channel ---
http://youtube.com/sdofficialglobal