Google Stadia Pro මාස දෙකක කාලයක් සඳහා නොමිලයේ ලබාදීමට Google ආයතනය කටයුතු කරයි

Gaming PC එකක් නැතත්, ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරමින් high end games play කිරීමේ හැකියාව ලබා දෙන Google Stadia සේවාව ගැන අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Google සමාගම විසින් මේ Google Stadia Pro subscription එක මාස දෙකක කාලයක් සඳහා නොමිලයේ ලබාදීමට තීරණය කර තිබෙන අතර මීට පෙර මේ සඳහා ඩොළර් 129ක් ගෙවා මිලදීගැනීමට අවශ්‍යය වූ hardware kit එක මිලදීගැනීමේ අවශ්‍යයතාවය ද ඉවත් කර තිබෙනවා.

මේ අනුව ඔබගේ පරිගණකයේ ඇති mouse එක සහ keyboard එක හෝ වෙනත් USB controller එකක් ඇත්නම් එය භාවිතා කරමින් Android හෝ iOS device එක මෙන්ම පරිගණකය හරහා ද මේ සේවාව භාවිතා කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.



ඔබ කළ යුතු වන්නේ Stadia.com වෙබ් අඩවියට ගොස් ඔබගේ Google account එක භාවිතා කරමින් එහි sign up වී මාස දෙකක කාලයක් සඳහා ලබා දෙන trial subscription එක ලබාගැනීම වන අතර ඉන් පසු ඔබගේ ජංගම දුරකථනයට Stadia app එක download කරගෙන අදාල games play කිරීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මේ සඳහා payment method එකක් add කිරීමට ඔබට සිදු වන නමුත් මාස දෙකක කාලය ඇතුලත කිසිඳු මුදලක් එයින් අය නොකිරීමට Google සමාගම කටයුතු කරනු ලබන අතර, ඔබට අවශ්‍යය ඕනෑම අවස්ථාවකදී එම subscription එක cancel කිරීමේ හැකියාව ඔබට ලබාදී තිබෙනවා.

දැනටමත් Google Stadia Pro subscription එක මිලදීගෙන ඇති පිරිසගෙන් මීළඟ මාස දෙකක කාලය සඳහා මුදල් අය නොකිරීමට ද Google සමාගම තීරණය කර ඇති අතර නිළ වශයෙන් මෙය US, Canada, UK, Ireland, France, Germany, Italy, Spain, Netherlands, Belgium, Denmark, Sweden, Norway, සහ Finland යන රටවල් වලට පමණක් ලබා දෙනු ලබන නමුත් මේ ලිපිය ලියන අවස්ථාව වන විට මා හට මෙය ලබාගැනීමේ හැකියාව ලැබුණා.

Source: technews



මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter