Spider-Man, Captain America, සහ X-Men ඇතුළු Comic Books ගණනාවක් නොමිලයේ ලබාදීමට Marvel සමාගම කටයුතු කරයි

මේ දින වල නිවසට වී සිටින Comic වලට කැමති අයට තමන්ගේ කාලය ගෙවන විනෝදයෙන් ගත කිරීම සඳහා Comic Books ගණනාවක් නොමිලයේ ලබාදීමට Marvel සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව මීළඟ මැයි මස 4 වැනි දින දක්වා Marvel Unlimited හරහා පහත comic books නොමිලයේ ලබාදෙන අතර මේ වෙනුවෙන් කිසිඳු trial subscription එකක් හෝ payment details ඇතුලත් කිරීමට හෝ අවශ්‍යය වන්නේ නැහැ.

Marvel සමාගමේ නිළ වෙබ් අඩවිය, ඔවුන්ගේ Android app එක හෝ iOS app එක හරහා මේ comic books access කිරීමේ හැකියාව ලැබෙනු ඇති අතර පහත සඳහන් වන Comic books මේ subscription එක හරහා කියැවීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ Marvel Unlimited subscription එකේ ඇතුලත් වෙන 27,000ක් පමණ වෙන අනෙකුත් නිකුත් කිරීම් සියල්ල access කිරීමට අවශ්‍යය නම්, මාසයක් සඳහා ඩොලර් 9.99ක මුදලක් අය කෙරෙනු ඇති අතර, සතිපතා එයට අලුත් content එකතු කෙරෙනු ඇති බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරට Audible වෙබ් අඩවිය විසින් Harry Potter කතා මාලාවේ පළමුවැනි පොත නොමිලයේ stream කිරීමේ හැකියාව ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

Source: technews


මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter