Air Power Charging Mat ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට Apple සමාගමේ අවධානය යොමු වන ලකුණු

Apple සමාගම විසින් 2017 සැප්තැම්බර් 12 වන දින iPhone 8 සහ iPhone X එළිදැක්වූ අතර එම event එක අතරතුරදී AirPower කියන wireless charging mat එක පිළිබඳව මුලින්ම නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කළා.

මෙම Mat එක මඟින් වෙනස් උපාංග තුනක් එකවර charge කරගැනීමේ හැකියාව ලැබෙන බවත්, උදාහරණයක් ලෙස iPhone එක AirPods හා Apple Watch එක එකවර charge කරගැනීමට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වාදෙනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස mat එක මත කිහිප තැනකින් උපාංගයන් තැබීමට නම් mat එකේ ඇතුළත දඟර mat එක පුරා අතුරන්නට සිදු වීම මෙන්ම මෙහි මුල් සංස්කරණ පරීක්ෂා කිරීමේදී මේ mat එක අධික ලෙස රත් වීම ආදී ප්‍රායෝගික ගැටලු නිසා නිවේදනය කර මාස 18 කට පසු මෙම ව්‍යාපෘතිය නවත්වන බව Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.

කොහොම උනත් වසරක පමණ කාළසීමාවකට පසුව මෙම charging mat එක පිළිබඳ කතාව යලි කරළියට පැමිණ ඇති අතර ඒ Front Page Tech හි නිර්මාතෘ ජෝන් ප්‍රොසර් විසින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ වී ඇති බව Twitter හි සටහන් කිරීමත් සමගයි.

නමුත් ඇත්තටම Apple සමාගම විසින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ඇති බව තහවුරු කර නැති අතර ඒ නිසා මෙම වැඩිදියුණු කරන ලද උපාංග වෙළඳපොලට පැමිණෙන දිනයක් ගැන නම් තවමත් කිසිඳු වාර්ථාවක් නැහැ.

කොහොම උනත් යුරෝපා සංගමය විසින් සියලු ජංගම දුරකථන සඳහා USB Type C Port භාවිතා කලයුතු බවට රෙගුලාසි පනවා ඇති නිසා Apple සමාගම Wireless Charging පහසුකම වෙත යොමු වීමෙ වැඩි ඉඩක් පවතිනවා.



මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter