144 mega-pixel camera එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම් වන ලකුණු

Redmi Note 7 දුරකථනය සමඟින් ලොව පළමු 48 megapixel කැමරා සෙන්සරයක් සහිත දුරකථනයක් නිකුත් කරන්නට Xiaomi සමාගම සමත් වූ අතර පසුව 64 megapixel කැමරා සෙන්සරයක් සහිත Redmi Note 8 Pro ජංගම දුරකථනය නිකුත් කරන්නටද Xiaomi සමාගම සමත් උනා.

පසුව Samsung සමාගම විසින් නිෂ්පාදනය කරන ලද 108 megapixel සෙන්සරයක් සහිත Mi Note 10 දුරකථනය නිකුත් කිරීමට සමත් උනේද Xiaomi සමාගමයි.

එමෙන්ම මේ වන විට වාර්ථා වන තොරතුරු අනුව 144 megapixel තරම් විශාල නවතම sensor එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම් වෙමින් සිටිනවා.

මේ අලුත් sensor එකත් නිෂ්පාදනය කරනු ලබන්නේ Samaung සමාගම වන අතර මෙම සෙන්සරය ඇතුළත් කැමරා පද්ධතිය සහිතව නිකුත් වන දුරකථනය බොහෝ දුරට Xiaomi සමාගම මීළඟ ට නිකුත් කිරීමට නියමිත Mi 10 Pro ජංගම දුරකථනය විය හැකි බව අනුමාන කෙරෙනවා.

Source: technews



මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter