Google Chrome වල ඇති Chrome Apps පහසුකම අතහැර දැමීමට Google සමාගම තීරණය කරයි
Google Chrome යනු මේ වන විට ලොව ජනප්‍රියතම web browser එක වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.
මේ Chrome browser එක තුල අන්තර්ගත වන පහුසකම් වලින් එකක් වන Chrome Apps, 2022 වර්ෂයේ ජුනි මාසයෙන් පසුව අතහැර දැමීමට තීරණය කර ඇති බව මේ වන විට Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව Windows, macOS, Linux මෙන්ම Google සමාගමේ Chrome OS එක මතින් ද මේ Chrome Apps පහසුකම ඉවත් කිරීමට කටයුතු කෙරෙන ලබනවා.
කොහොම නමුත් මේ Chrome apps සහ Chrome extensions යනුවෙන් හඳුන්වන්නේ වෙන වෙනම පහසුකම් ද්විත්වයක් වන අතර Chrome extensions සුපුරුදු පරිදි තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
Chrome apps බොහෝමයක් ම පාහේ මේ වන විට Progressive Web Apps බවට පත් කිරීමට කටයුතු කර ඇති නිසාවෙන් බොහෝ විට මෙය විශාල ගැටළුවක් බවට පත් නොවනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.
මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.
Our Socials